Blog

Home

“Love recognizes no barriers. It jumps hurdles, leaps fences, penetrates walls to arrive at its destination full of hope.” — Maya Angelou

Source: Home

Advertisements

ලිහිනියෝ අාදරෙයිද මට

14947961_102257813589405_7689492331559182512_n

 

ඔව්
අහස
ඒ නුඹමය
හීන වල
මා කෙනිත්තුව
පාට හුඟක් එක්ක
විටින් විට
සෙල්ලම් කරන
” ලිහිනියෝ අාදරෙයිද මට ”
කියා ඇසීමට
ඇවැසි මුත්
නිහඬව සිටින

ඒක මහ පුදුම උණුසුමක්

14732122_102298626918657_4162037399969493905_n

 

ඒක මහ පුදුම උණුසුමක් . . . හරි සනීපෙට ඇස් පියෙන උණුසුමක් . . . නුඹගේ එක හිනා පොදක් ලඟ හිත නිවෙන . . . . නුඹගේ එක වචනයකින් මං නිවෙන . . . . . . ඔව් ඇත්තටම නුඹ භාවනාවක් . . . . .
කියන්න එපා අායේ කවදාවත් ම හැර යෑමක් ගැන.ඇස් ගල් කරගෙන කඳුළු මිදෙන තරමට හිත මරන්න මම දන්නෙ නෑ . . . . . ඒ නිසා මරනයට හෝ අපේ වෙන්වීම ගැන හිතන්න ඉඩ නොදී ඉමු . . . .

හාවී

14938166_102331776915342_495954509493598088_n

අත් දෙක කිටි කිටියේ හකුලගෙන උඹ ඇයි . . . . . සීතලට බයෙන් වගේ ඉන්නේ . . . . . කෝ මෙහාට වරෙන් . . . . උඹට කියන්න හාවී, අද කුරුල්ලෙක්ද කිරිල්ලියක්ද මන්දා මාත් එක්ක හරි හරියට විසිල් ගැහුවා.ෂුවර් එකටම කිරිල්ලියක් වෙන්න ඇති . . . . . . අප්පා උඹේ රැවිල්ල . . . . ගැහැනියක් තමන්ගේ අාදරය වෙනුවෙන් ඉරිසියා කරන එකෙත් මරු ගතියක් තියෙනවා බං . . . . මට උඹ නැති වෙනවා කියල දැන දැනත් මම මේ කරන උමතු ප්රේමය . . . . . . හ්ම්ම් . . . . . වෙලාවකට මටම හිනා යනවා බං
උඹගේ හුරතලය ලඟ . . . . හිනාව ලඟ . . . . . කේන්තිය ලඟ . . . . අර විදුලිය වගේ බලන බැල්ම ලඟ මාත් පොඩි කොල්ලෙක් ගානයි . . . . . කිසිම අඩුවක් නැතුව පුංචි ම පුංචි හිස් තැනක් නැතුව උඹට අාදරේ දෙන්න මට ඕනේ . . . . . උඹ ඒ අාදරයෙන් සැනසෙනවා දකින්න මට ඕනේ හාවී
දෙවියෝ උඹව මවන්න ඇත්තේ එයා ගොඩක් සතුටින් ඉන්න වෙලාවක . . . . වරෙන් මගේ අත් අස්සට . . . . මේ පපුවේ ඔලුව තියාගෙන ඇස් පියා ගනින් මගේ හාවියේ